2017-11-17

මගෙ හීන ලොවේ නුබ

නුබෙ සොදුරු රුවේ සිත්තම් මාගේ දෑසෙ මැවෙනවා...
මැනිකෙ මගේ දුරක උනත් දුවලා එන්න හිතෙනවා...
ඔය මිහිරි වදන් හදවත එතිලා ගීත ගයනවා..
මගෙ හීන ලොවේ නුබ සැමදා පෙම් රැගුම් රගනවා..

නුඹ ගිහින් වැසි බිඳුවක් වෙලා

සීත වැහි බිදු තෙමති පොළවම
මහා නියං කල් සිද දමා
හමන මද නල සිබී මුළු ගත
සියලු දුක් හැම පිස දමා
මලානික වැහි අඳුර ඇවිදින්
අඳුරු බව හැම පතුරනා
පියා ගත් නෙතු දකිනවා නුබ
අඳුර විනිවිද මතු වෙනා
දකින විට අද නුඹේ මුව මගෙ
හදේ සෙනෙහස දල්වනා
දෙනෙත් හැර බැලුවා ඉතින් මම
නුඹ ගිහින් වැසි බිඳුවක් වෙලා...
නිසංසල....

අරුම කිම මේ සොඳුරු වැස්සයි

මුවට හසරැලි නගන වැස්සයි
නෙතට කඳුලැලි උනන වැස්සයි
සිතට පෙම් ගී නැගෙන වැස්සයි
අරුම කිම මේ සොඳුරු වැස්සයි

නියං සහනාධාර


නිදිවරා රෑ පුරා ලයිස්තුව සකසලා
ඉරි ගසා කොටු ගසා හැමගෙ නම් හැඩ කළා
කියූ ලෙසට කරවලා
මගේ ගත වෙහෙසුණා
බැනුම් පොදි ගුලි වෙලා
සැමගෙ කට සැර වුණා

පෙත්සම් ද එක පෙළට රග දිදී හිනැහුනා
තැනින් තැන කටකතා තටු ලැබී ඉගිලුනා
හැම වරද අනෙ ඉතින්
අපේ පිට පැටවුනා
බඩු මල්ල රැගෙන සැම
අපට පිටුපා ගියා..
නිසංසල...

සෙනෙහෙ දෙයි මිතුරියකවී

·
මතක අතරින් ⁣පෙනෙනවා නුබ
හොරෙන් මා දෙස බැලූ හැටි
බලන් හිටියා මැවෙනවා මට
නුබේ මදහස මුව පිරී
කලයක් ගෙවිලා ගිහින් නේ අද
සිත මතක නෑ අතහැරී
පුදුමෙකී නුඹ මගේ ලඟ අද
සෙනෙහෙ දෙයි මිතුරියකවී..

නිසංසල....

සිහින පොදි හැම විසිරිලා ගිහින්

මහ ගොඩක් හීන පොදි බැඳන්
දිවි මගෙහි යන බර කරතියන්
පසක් වූ විට දුක් බව ඉතින්
සිහින පොදි හැම විසිරිලා ගිහින්.....

දුන්නු සෙනෙහස නුඹට

දුන්නු සෙනෙහස නුඹට
මදි නොකියන තරමට
නොවටිනා නිසා නුබ හට
රිදුම් දෙයි හද මගේ අද
තනිව ගෙවෙනා හැම මොහොතක
මතකයන් දවයි මේ ආදර හිත
thadakaran ඇස නැඟී kandula
සිනාසෙන්නෙමි මතක ගෙන හිතට
යන්න ගිය දුර ඈතක නුබ
හැර දමා මේ සෙනෙහස් හිත
ඉන්න සැමදා තුටින්ම නුබ
සිහින පොදි අතරෙම සැඟවුණු
...නිසංසල...

2017-09-30

සාරි කටුව නුබෙ ලයෙ

සාරිය ඇඳ හැඩ වෙලා
කොමළ මුවේ මල් හිනා
දිස්නෙ නුඹේ වැඩිවෙලා
සාරි කටුව හැඩවෙලා

අට පෙත්තක මලක් වැනි
සාරි කටුව නුඹට සරී
පැළඳ නිතින ගමන් යති
දුටුවන් මනබඳින නිති

සාරි කටුවෙ දිස්නෙට
ගෙනයි නුබට ලස්සන
එළියයි මුළු ඇඳුමම
සාරි කටුව ගැහුවම

ඇතත් නුඹට ආදරෙ
නුබ නෑ මට ආදරෙ
දුක නෑ මගේ හදවතේ
සාරි කටුව නුබෙ ලයෙ





2017-09-29

රුව ගුන සුවද නුබගේ සිහි තබගන්ට.....................

සැනසුම මගේ නුබෙ සෙවනේ තිබෙන විට..
කෙලෙසක සැනසෙම්ද මා මෙහි තනිව හිද..
මගෙ සද බබලන්නෙ පොහො දිනකදි පමන නොව..
හැම දිනකම මට ඔය සද එලිය දෙන..

පියකරු සිනවෙන් මුසපත් කලා නුබ..
හැමදා ‍රැදී ඉන්න නුබ මාගෙ ලගම හිද..
දැඩි රලු ගතිය ඇතුලින් ඇති මොලොක් බව..
දැනෙනවා නුබ උන්නත් බොහෝ දුර..

සුරතෙ වෙලී එක මගකින් දිව යන්ට..
සිත් ඇති නගෙ හෙම සසරේ අත ගන්ට..
අසරන සරන වෙමු අපි හැමකල්  දෙන්නාට
රුව ගුන සුවද නුබගේ සිහි තබගන්ට..

2017-09-26

ජතියත් ආගමත් අපෙ ‍රැක ගන්න දැන් වරෙල්ලා...

බතින් සරු දේශයක්..
රජුන් තෙනු දේශයක්..
ලොවක් දිනු දේශයක්..
නමක් ඇති පින්බිමක්...

නිවටයින් රජ වෙලා..
මුනිවතින් ගොලුවෙලා
ලක් මවුන් තනි වෙලා
අනේ අපි අසරන වෙලා..

කඩුව ගෙන සින්හයා
කුඩුවක දැන් කො‍ටුවෙලා
කොදු අපේ ඇද වෙලා
ජාතියම යයි වද වෙලා

එක් මිටට දැන් ඉගිලිලා
එක් හඩින් හැම රොක් වෙලා
ජතියත් ආගමත් අපෙ
‍රැක ගන්න දැන් වරෙල්ලා...

2017-09-25

මගේ සතුට අරන් මැනික එන්නෙ කවදදෝ...


මිනි කැට සරි දෑස් වලින් මදෙස බලාලා...
මුතු ඇට වන් දසන්වලින් සිනා මවාලා...
නිල පැහැ ඇති වරලස ගෙන ගොතා දමාලා..
මතකයි මට හමුවුදා සෙනෙහෙ පිරිලා...

මුල්ම දසුන නුබගේ සුදු මූන ඒදා...
ගතත් සිතත් මාගේ කිලි පොලා ගියා..
ඇස් මනෙන් දු‍ටු විට එක සැරේ ඔයා..
සිතුනා මට නුබනම් දැන් මගෙයි කියා..

හදේ නුබේ ඇති මුදු බව දු‍ටුව එදා..
ජිවිතයේ සැනසිල්ලක්  ලැබුව එදා..
මහ ගොඩක්ම ප්‍රාර් තනා පැතුව එදා..
කවදා හෝ නුබ මගේම වෙන්න කියා...

මලක් වගෙ පරිස්සමට බලා ගන්න අසයි..
පියෙක් වගෙ ‍රැකවරනය හදල දෙන්න අසයි..
පුතෙක් වගේ ඔය උකුලේ මන් නිදන්න අසයි.
මගේ වෙලා මගෙ තුරුලේ සනසවන්න අසයි..

මවක් වෙලා පියෙක් වෙලා එක්ව හිදිමුදෝ
පුතෙක් හදා නුබේ සතුට ලබල දෙන්නදෝ
දිවිය පුරා අදරයෙන් ලගින් ඉන්නදෝ
මගේ සතුට අරන් මැනික එන්නෙ කවදදෝ...

 










2017-09-14

නුඹ මගේ සඳ මට උරුම....


වසන්තය හැමදාම මට
ලඟින් උන් දාට නුබ
හැමදාම  හිත්
 අහස යට
නුඹ මගේ සඳ මට උරුම

ඉන්නෙමි නුඹ එනතුරු නෙතු නොපියා මම ...


එකම අහස යට 
අපි දෙතැනක 
වැස්ස නොදුටු 
ඒ පෙම්බර හිත
දෙගොඩ තලා යන 
මහා ජලකඳ ලෙස
නුඹට නොපෙනුනාදෝ
මේ පෙම්බර හිත

අහස තරම් ආදරයක් 
හිත තුළ 
හංගා ගෙන හිරකරගෙන 
පතුළ තුළ 
සෙනෙහස් කවි ගොතමින් 
මේ අහස යට
ඉන්නෙමි නුඹ එනතුරු 
නෙතු නොපියා මම ...

ඉමු අපි දැන් ඵක් වීලා...


බො සෙවනේ සිසිල වැදී..
වැලි මලුවේ පහස විදී..
සෑ රදුන්ට වදින සැටී..
දුටුවා මහකැලනි නදී..

බුදුරදුන්ට මල් පුදලා..
පින් සේරම රැස් කරලා..
පැතූ පැතුම් ඉටුවීලා..
ඉමු අපි දැන් ඵක් වීලා...

වැසි බිදු.... .




හාත්පසකම වැසි අදුර ⁣වෙලාගෙන තියෙද්දී ..
රු සපුව ඇති  ලදුන් මගේ නෙතු දකිද්දි...
සිත් බැන්ද නුබෙ රුවත් මගෙ හිතේ මැවෙද්දි..
වැසි බින්දු නෙතු තෙමයි කදුලු බිදු වැටෙද්දි..

2017-09-13

සරා සඳ....

 


සරා සඳ සිනාසී මුවා වී ගියාදෝ
මගේ හිත සනසලා කොහේ සැඟවුනාදෝ
හිදින්නට දුන් වදන්  දැන් මුසා උනාදෝ
සංසාර මාවතේ මග බලන් හිදිම්දෝ

පි ය කරු නුඹෙ වතින්  සිත එකලු කළා දෝ
කොඳ කැකුළු  පෑ සිනා කැන් මැවී පෙනේ දෝ
ඔය සුමුදු දෑතේ වෙලෙන්නට සිතේදෝ
මුදු නළල සිප ගන්න ඉඩක් මට ලැබේ දෝ

ඔය සුරත පා ඉතින්  නුඹ ආයෙ එවිදෝ
 හැමදාම දිරි දුන්න නුඹෙ වදන්  ඇසෙයිදෝ
එඩිතර කමින් උන්න ඔය රුව මැවෙයිදෝ
ඔය සුවඳ විඳගන්න ආයේ මට ලැබෙයිදෝ

2017-09-11


මගේ රන් වැස්ස ..

අඳුරු වළා සමගින් මේ කරනා සද්දේ..
ගිගුම් දී හැලෙනා මේ ඒ සුන්දර වැස්සේ..
දෙගොඩ තලා යන තුරු මේ වහිනා වැස්සේ..
රිදුම් දෙන හිතත්  තෙමලා වැහැපන් වැස්සේ.

පොළොව තෙමා සරු කරලා වහිනා වැස්සෙ..
විදුලි කොටා ගොර හඬ දී  වහිනා  වැස්සෙ ..
දුක් කරදර හැම හිත් වල නිවනා වැස්සේ...
දෑසේ කඳුළු පිසදාගෙන වැහැපන් වැස්සේ..

ඉඩෝරයක් අහවර කර වැටෙනා වැස්සේ...
කොහේ ඉඳන් ආවාදෝ ජල කඳ වැස්සේ..
අනේ ඉතින් හෙට පායන සුන්දර වැස්සේ ..
හැමදාමත් වැහැපන් උඹ මගේ රන් වැස්සේ ..

2017-09-09


නුබ හා  මා...

පැතුමන් පතන්නේ ආලෙන් වෙලී
හස‍රැල් මවන්නේ සෙනෙහෙන් බැදී
සැමදා බැදී ඉන්න ඔබ හා ‍රැදී
පතනා පැතුම් මා ඉ‍ටුවෙන්නැතී

සිබ සනසාල මා පපුවේ හොවා
ආලය නුබේ මා උනුසුම් කලා
මදහාස පෙන්නාලා හිනැහී බලා
ඔබ යන්නෙ ඇයි ඉතින් වෙනතක බලා...

2017-09-07

හේමමාලියේ....

සෙනෙහේ නෑ දීලා..
මා වෙත නෑ රැදිලා..
කොයිදෝ නුබ ඉන්නේ..
හේමමාලියේ....
සිනහා දසන් විදහා..
කටකාර වදන් දොඩලා..
හැඩකාර හැගුම් ගෙනආ..
හේමමාලියේ....
සිත මාගෙ සනසලා..
සෙනෙහසක ගුලිවෙලා..
එන්නෙ කවදාද මා කරා..
හේමමාලියේ....

2017-09-03

සුදු මණිකේ....

නුබ දන්නවාදසුදු මණිකේ මාගේ
හිත බැදුනෙ මගේ සුදු මූණට නුබගේ
කටකාර කතා කන් පුරවා ‍රැව්දේ
මුදු සිනහ නගා තොල්පෙති රුව මැව්වේ

අතිනත ගෙන දිවි ගෙවන්න සසරේ
ආසයි මම පුද දෙන්නට සෙනෙහේ
සිප ගන්නට සුදු නළලත රිසිසේ
තුරුලේ හිද සැනසෙන්නට එනවද සුදු මණිකේ

රාලහාමි නෝනා.

දිගු නිල් වරලස බැදලා
කිරි සුදු ඔසරිය ඇදලා
මිණි කැට නෙත් යුග යොමලා
මුව සිනහවකින් සරසා

මිනිසුන් හද දුක් නිවලා
සාධාරණකම් කරලා
කට සැර වැඩිදෝ මන්දා
ලස්සන මගෙ රලහමි නෝනා

සියුමැලි හදවත රන්දා
දු‍ටුවන්ගේ මන බන්දා
මා සිත දුකෙහිම රන්දා
නුබ වෙනකෙකුහට පෙම් බෙන්දා.

2017-09-02



මචං රවිදු...

සිනා මල් හද පිපීලා..
හීන තරු කැට පායලා..
ඇගේ අත ගෙන රදවලා..
 උබත් යන්නට ගිහිල්ලා..

පාසලේ මිතුදම් බැදී..
හදවතේ සෙනෙහස පිරී..
අතීතය හදවත ඇතී..
සදකල්හිම හිත රැදී..

එක පතේ කෑවේ අපී..
එකට පාඩම් කලෙ අපී..
ඉදිකටුව නූල සේ අපී..
ඉසුරු රවිදු සේ හිදී...

උබේ සතුටුම දවසේදී...
තුටු කදුලු මා නෙතු පිරී..
ලැබු මිතුදම හද පිරී..
පතමි උබහට ආසිරී..

සොළොස් වසක මේ මතුදම...
පවතීවා හැම කල්හිම..
මහ ඇදුරෙකු වී උබ හෙට..
දකිනු රිසිය මගෙ මේ නෙත..


දිනෙන් දිනම ජය හිමි වේවා..
ඇයගේ සෙනෙහස නිති හිමි වේවා..
 පින්වත් දරැවන් නුබ හට වේවා..
ගුන දම් හද තුළ පිරි ඉතිරේවා...



2017-08-31


වරැසාව එනතුරු ..

අහස් කුස පුරාම කලු වළා ඇවිදින්..
ඇදහැලෙයි වරුසාව ඉඩෝරය නිමා කරමින්..
හිත් අහසෙ හැංගිච්ච   ඉඩෝරය නිමා කරමින්..
කවදාද වැසි එනනෙ වැසි වලා අතරින්...

2017-08-30


නුබට නොවටිනා මම...

නුබ ගැන සොයන්නෙ ආදර හිතකින්..
නුබ නෑ තකන්නෙ දශමෙක තිතකින්..
කතාව නෑ නුබ හිදීවි හොරැහින්..
යන්නම් දැන් මම පාඩුවෙ මෙතෙකින්...


අනුරාධිනියේ
අප හමුවූ මුල් දිනයේ..
රෑ සිතුවම් නෑ මැකුනේ..
හද සැනසූ රැව රැදුනේ..
සිත සිතුවිලි නෑ මැව්නේ..
    කොමල සිනා..
     මුව පුරවා..
     හීන ගෙනා 
     නුබ මා හා.. 
         වදන් නුබේ..
          ආදරයේ..
         මිහිර ගෙනේ..
         අනුරාධිනියේ..

            පැතුම් අපේ..
            ඉටු වෙනදා..
            සිහින ලොවින්..
            මා බැස එනව.........

සිහි උනා ඔබව ..

එදා මා උර හොවා කවි කියා නලවලා.. නිදි කලා ඔබ එදා ආදරෙන් සනසලා.. තනිවෙලා මා ඉතින් සොයයි නුබෙ උර මෙදා.. 
වේදනා ඉවසලා සිටිමි නුබ සිහිවෙලා...



                                   හුදකලාව....

මුලු ලොවම අදුරෙ ගිලගෙන දනන් නිදනා වෙලාවේ..
නෙතු පියන්නට සිතක් ඇති මුත් මතකයන් සිත පෙලාවී..
හුදෙකලාවක දැනෙන තනිකම සොදුරැ නෑ මුදු වලාවේ..
සියලු සෝ දුක් විද දරාගෙන හිදිමි මා මංමුලාවේ..

එන්නෙ තනිවම යන්නෙ තනිවම සංසාර මේ සාගරේ..
ඉන්න විතරක් ඇයිද දෙන්නෙක් අසාර වූ මේ ජීවිතේ..
ආවෙ කොතැනද යන්නෙ කොතැනද නොදැන ගෙවෙනා කාලයේ..
එකව ඉන්නට පැතුව පවටම විදී දුක් ගිනි ආදරේ...

2017-08-28

අප්පච්චිම විය නුඹ අපට

නපුරු පෙනුමක 
පතුලෙ සැගවුන 
දාරක ප්‍රේමය
අප්පච්චී

මිහිරි වදනක
අරුත් ගෙනදුන්
ගුරු තරුව නුඹ
අප්පච්චී

දහම රසකර 
දෙසුවෙ නුඹ සඳ
අසා සිට අප 
අප්පච්චී

මඟ නොමඟ දැක
මඟම යන්නට
පාර පෙන්නූ 
අප්පච්චී

තෙරුවන් සරණේ
රැකවරණය ලැබ
දිගාසිරි නුඹට 
අප්පච්චී...
 
අපුරු ගුරුවරයා..

මුදු සිනහ දවටලා..
මෙත් සිතින් පවසලා..
දහම සරලව කියාලා..
නුබ හිදී වැජබිලා..

මංමුලාවූ අපට
හරි පාර පෙන්නලා
මුනි දහම මතුකලා
 නුබ හිදී වැජබිලා..

කිසිවෙකුට නෑ දෙවෙනි
මුනි පුතුන් නුබයි හිමියනි
මුනි පාද වදින දෑතිනි
වදිමි මා ගුරු දෙවියනි..

හිමි සඳුට පුද දෙන්නෙමි

පෝදා පුන්  සඳ දුටු විට  අහසේ
සිහිවේ රන් මුව මඩලත් නුබගේ
විහිදෙන  රන් රැස් දුටුවිට අහසේ
සිහිවේ මට සොමි ගුණ නුබගේ

ලොවම එලිය වනු දුටු විට අහසේ 
සිහිවේ නුබගේ කරුණා මහිමේ
දෝත පුර මල් ගෙනෙවිත් සතුටේ
පුදනට ආසයි මුනි සිරිපාදේ