2017-11-17

නියං සහනාධාර


නිදිවරා රෑ පුරා ලයිස්තුව සකසලා
ඉරි ගසා කොටු ගසා හැමගෙ නම් හැඩ කළා
කියූ ලෙසට කරවලා
මගේ ගත වෙහෙසුණා
බැනුම් පොදි ගුලි වෙලා
සැමගෙ කට සැර වුණා

පෙත්සම් ද එක පෙළට රග දිදී හිනැහුනා
තැනින් තැන කටකතා තටු ලැබී ඉගිලුනා
හැම වරද අනෙ ඉතින්
අපේ පිට පැටවුනා
බඩු මල්ල රැගෙන සැම
අපට පිටුපා ගියා..
නිසංසල...

No comments:

Post a Comment