2017-11-17

නුඹ ගිහින් වැසි බිඳුවක් වෙලා

සීත වැහි බිදු තෙමති පොළවම
මහා නියං කල් සිද දමා
හමන මද නල සිබී මුළු ගත
සියලු දුක් හැම පිස දමා
මලානික වැහි අඳුර ඇවිදින්
අඳුරු බව හැම පතුරනා
පියා ගත් නෙතු දකිනවා නුබ
අඳුර විනිවිද මතු වෙනා
දකින විට අද නුඹේ මුව මගෙ
හදේ සෙනෙහස දල්වනා
දෙනෙත් හැර බැලුවා ඉතින් මම
නුඹ ගිහින් වැසි බිඳුවක් වෙලා...
නිසංසල....

No comments:

Post a Comment