සරා සඳ සිනාසී මුවා වී ගියාදෝ
මගේ හිත සනසලා කොහේ සැඟවුනාදෝ
හිදින්නට දුන් වදන් දැන් මුසා උනාදෝ
සංසාර මාවතේ මග බලන් හිදිම්දෝ
පි ය කරු නුඹෙ වතින් සිත එකලු කළා දෝ
කොඳ කැකුළු පෑ සිනා කැන් මැවී පෙනේ දෝ
ඔය සුමුදු දෑතේ වෙලෙන්නට සිතේදෝ
මුදු නළල සිප ගන්න ඉඩක් මට ලැබේ දෝ
ඔය සුරත පා ඉතින් නුඹ ආයෙ එවිදෝ
හැමදාම දිරි දුන්න නුඹෙ වදන් ඇසෙයිදෝ
එඩිතර කමින් උන්න ඔය රුව මැවෙයිදෝ
ඔය සුවඳ විඳගන්න ආයේ මට ලැබෙයිදෝ
No comments:
Post a Comment