2017-09-03

රාලහාමි නෝනා.

දිගු නිල් වරලස බැදලා
කිරි සුදු ඔසරිය ඇදලා
මිණි කැට නෙත් යුග යොමලා
මුව සිනහවකින් සරසා

මිනිසුන් හද දුක් නිවලා
සාධාරණකම් කරලා
කට සැර වැඩිදෝ මන්දා
ලස්සන මගෙ රලහමි නෝනා

සියුමැලි හදවත රන්දා
දු‍ටුවන්ගේ මන බන්දා
මා සිත දුකෙහිම රන්දා
නුබ වෙනකෙකුහට පෙම් බෙන්දා.

2 comments: