2017-09-02



මචං රවිදු...

සිනා මල් හද පිපීලා..
හීන තරු කැට පායලා..
ඇගේ අත ගෙන රදවලා..
 උබත් යන්නට ගිහිල්ලා..

පාසලේ මිතුදම් බැදී..
හදවතේ සෙනෙහස පිරී..
අතීතය හදවත ඇතී..
සදකල්හිම හිත රැදී..

එක පතේ කෑවේ අපී..
එකට පාඩම් කලෙ අපී..
ඉදිකටුව නූල සේ අපී..
ඉසුරු රවිදු සේ හිදී...

උබේ සතුටුම දවසේදී...
තුටු කදුලු මා නෙතු පිරී..
ලැබු මිතුදම හද පිරී..
පතමි උබහට ආසිරී..

සොළොස් වසක මේ මතුදම...
පවතීවා හැම කල්හිම..
මහ ඇදුරෙකු වී උබ හෙට..
දකිනු රිසිය මගෙ මේ නෙත..


දිනෙන් දිනම ජය හිමි වේවා..
ඇයගේ සෙනෙහස නිති හිමි වේවා..
 පින්වත් දරැවන් නුබ හට වේවා..
ගුන දම් හද තුළ පිරි ඉතිරේවා...



No comments:

Post a Comment