2017-08-28

අප්පච්චිම විය නුඹ අපට

නපුරු පෙනුමක 
පතුලෙ සැගවුන 
දාරක ප්‍රේමය
අප්පච්චී

මිහිරි වදනක
අරුත් ගෙනදුන්
ගුරු තරුව නුඹ
අප්පච්චී

දහම රසකර 
දෙසුවෙ නුඹ සඳ
අසා සිට අප 
අප්පච්චී

මඟ නොමඟ දැක
මඟම යන්නට
පාර පෙන්නූ 
අප්පච්චී

තෙරුවන් සරණේ
රැකවරණය ලැබ
දිගාසිරි නුඹට 
අප්පච්චී...
 

No comments:

Post a Comment