2017-09-30

සාරි කටුව නුබෙ ලයෙ

සාරිය ඇඳ හැඩ වෙලා
කොමළ මුවේ මල් හිනා
දිස්නෙ නුඹේ වැඩිවෙලා
සාරි කටුව හැඩවෙලා

අට පෙත්තක මලක් වැනි
සාරි කටුව නුඹට සරී
පැළඳ නිතින ගමන් යති
දුටුවන් මනබඳින නිති

සාරි කටුවෙ දිස්නෙට
ගෙනයි නුබට ලස්සන
එළියයි මුළු ඇඳුමම
සාරි කටුව ගැහුවම

ඇතත් නුඹට ආදරෙ
නුබ නෑ මට ආදරෙ
දුක නෑ මගේ හදවතේ
සාරි කටුව නුබෙ ලයෙ





2017-09-29

රුව ගුන සුවද නුබගේ සිහි තබගන්ට.....................

සැනසුම මගේ නුබෙ සෙවනේ තිබෙන විට..
කෙලෙසක සැනසෙම්ද මා මෙහි තනිව හිද..
මගෙ සද බබලන්නෙ පොහො දිනකදි පමන නොව..
හැම දිනකම මට ඔය සද එලිය දෙන..

පියකරු සිනවෙන් මුසපත් කලා නුබ..
හැමදා ‍රැදී ඉන්න නුබ මාගෙ ලගම හිද..
දැඩි රලු ගතිය ඇතුලින් ඇති මොලොක් බව..
දැනෙනවා නුබ උන්නත් බොහෝ දුර..

සුරතෙ වෙලී එක මගකින් දිව යන්ට..
සිත් ඇති නගෙ හෙම සසරේ අත ගන්ට..
අසරන සරන වෙමු අපි හැමකල්  දෙන්නාට
රුව ගුන සුවද නුබගේ සිහි තබගන්ට..

2017-09-26

ජතියත් ආගමත් අපෙ ‍රැක ගන්න දැන් වරෙල්ලා...

බතින් සරු දේශයක්..
රජුන් තෙනු දේශයක්..
ලොවක් දිනු දේශයක්..
නමක් ඇති පින්බිමක්...

නිවටයින් රජ වෙලා..
මුනිවතින් ගොලුවෙලා
ලක් මවුන් තනි වෙලා
අනේ අපි අසරන වෙලා..

කඩුව ගෙන සින්හයා
කුඩුවක දැන් කො‍ටුවෙලා
කොදු අපේ ඇද වෙලා
ජාතියම යයි වද වෙලා

එක් මිටට දැන් ඉගිලිලා
එක් හඩින් හැම රොක් වෙලා
ජතියත් ආගමත් අපෙ
‍රැක ගන්න දැන් වරෙල්ලා...

2017-09-25

මගේ සතුට අරන් මැනික එන්නෙ කවදදෝ...


මිනි කැට සරි දෑස් වලින් මදෙස බලාලා...
මුතු ඇට වන් දසන්වලින් සිනා මවාලා...
නිල පැහැ ඇති වරලස ගෙන ගොතා දමාලා..
මතකයි මට හමුවුදා සෙනෙහෙ පිරිලා...

මුල්ම දසුන නුබගේ සුදු මූන ඒදා...
ගතත් සිතත් මාගේ කිලි පොලා ගියා..
ඇස් මනෙන් දු‍ටු විට එක සැරේ ඔයා..
සිතුනා මට නුබනම් දැන් මගෙයි කියා..

හදේ නුබේ ඇති මුදු බව දු‍ටුව එදා..
ජිවිතයේ සැනසිල්ලක්  ලැබුව එදා..
මහ ගොඩක්ම ප්‍රාර් තනා පැතුව එදා..
කවදා හෝ නුබ මගේම වෙන්න කියා...

මලක් වගෙ පරිස්සමට බලා ගන්න අසයි..
පියෙක් වගෙ ‍රැකවරනය හදල දෙන්න අසයි..
පුතෙක් වගේ ඔය උකුලේ මන් නිදන්න අසයි.
මගේ වෙලා මගෙ තුරුලේ සනසවන්න අසයි..

මවක් වෙලා පියෙක් වෙලා එක්ව හිදිමුදෝ
පුතෙක් හදා නුබේ සතුට ලබල දෙන්නදෝ
දිවිය පුරා අදරයෙන් ලගින් ඉන්නදෝ
මගේ සතුට අරන් මැනික එන්නෙ කවදදෝ...

 










2017-09-14

නුඹ මගේ සඳ මට උරුම....


වසන්තය හැමදාම මට
ලඟින් උන් දාට නුබ
හැමදාම  හිත්
 අහස යට
නුඹ මගේ සඳ මට උරුම

ඉන්නෙමි නුඹ එනතුරු නෙතු නොපියා මම ...


එකම අහස යට 
අපි දෙතැනක 
වැස්ස නොදුටු 
ඒ පෙම්බර හිත
දෙගොඩ තලා යන 
මහා ජලකඳ ලෙස
නුඹට නොපෙනුනාදෝ
මේ පෙම්බර හිත

අහස තරම් ආදරයක් 
හිත තුළ 
හංගා ගෙන හිරකරගෙන 
පතුළ තුළ 
සෙනෙහස් කවි ගොතමින් 
මේ අහස යට
ඉන්නෙමි නුඹ එනතුරු 
නෙතු නොපියා මම ...

ඉමු අපි දැන් ඵක් වීලා...


බො සෙවනේ සිසිල වැදී..
වැලි මලුවේ පහස විදී..
සෑ රදුන්ට වදින සැටී..
දුටුවා මහකැලනි නදී..

බුදුරදුන්ට මල් පුදලා..
පින් සේරම රැස් කරලා..
පැතූ පැතුම් ඉටුවීලා..
ඉමු අපි දැන් ඵක් වීලා...

වැසි බිදු.... .




හාත්පසකම වැසි අදුර ⁣වෙලාගෙන තියෙද්දී ..
රු සපුව ඇති  ලදුන් මගේ නෙතු දකිද්දි...
සිත් බැන්ද නුබෙ රුවත් මගෙ හිතේ මැවෙද්දි..
වැසි බින්දු නෙතු තෙමයි කදුලු බිදු වැටෙද්දි..

2017-09-13

සරා සඳ....

 


සරා සඳ සිනාසී මුවා වී ගියාදෝ
මගේ හිත සනසලා කොහේ සැඟවුනාදෝ
හිදින්නට දුන් වදන්  දැන් මුසා උනාදෝ
සංසාර මාවතේ මග බලන් හිදිම්දෝ

පි ය කරු නුඹෙ වතින්  සිත එකලු කළා දෝ
කොඳ කැකුළු  පෑ සිනා කැන් මැවී පෙනේ දෝ
ඔය සුමුදු දෑතේ වෙලෙන්නට සිතේදෝ
මුදු නළල සිප ගන්න ඉඩක් මට ලැබේ දෝ

ඔය සුරත පා ඉතින්  නුඹ ආයෙ එවිදෝ
 හැමදාම දිරි දුන්න නුඹෙ වදන්  ඇසෙයිදෝ
එඩිතර කමින් උන්න ඔය රුව මැවෙයිදෝ
ඔය සුවඳ විඳගන්න ආයේ මට ලැබෙයිදෝ

2017-09-11


මගේ රන් වැස්ස ..

අඳුරු වළා සමගින් මේ කරනා සද්දේ..
ගිගුම් දී හැලෙනා මේ ඒ සුන්දර වැස්සේ..
දෙගොඩ තලා යන තුරු මේ වහිනා වැස්සේ..
රිදුම් දෙන හිතත්  තෙමලා වැහැපන් වැස්සේ.

පොළොව තෙමා සරු කරලා වහිනා වැස්සෙ..
විදුලි කොටා ගොර හඬ දී  වහිනා  වැස්සෙ ..
දුක් කරදර හැම හිත් වල නිවනා වැස්සේ...
දෑසේ කඳුළු පිසදාගෙන වැහැපන් වැස්සේ..

ඉඩෝරයක් අහවර කර වැටෙනා වැස්සේ...
කොහේ ඉඳන් ආවාදෝ ජල කඳ වැස්සේ..
අනේ ඉතින් හෙට පායන සුන්දර වැස්සේ ..
හැමදාමත් වැහැපන් උඹ මගේ රන් වැස්සේ ..