2017-09-14

ඉන්නෙමි නුඹ එනතුරු නෙතු නොපියා මම ...


එකම අහස යට 
අපි දෙතැනක 
වැස්ස නොදුටු 
ඒ පෙම්බර හිත
දෙගොඩ තලා යන 
මහා ජලකඳ ලෙස
නුඹට නොපෙනුනාදෝ
මේ පෙම්බර හිත

අහස තරම් ආදරයක් 
හිත තුළ 
හංගා ගෙන හිරකරගෙන 
පතුළ තුළ 
සෙනෙහස් කවි ගොතමින් 
මේ අහස යට
ඉන්නෙමි නුඹ එනතුරු 
නෙතු නොපියා මම ...

ඉමු අපි දැන් ඵක් වීලා...


බො සෙවනේ සිසිල වැදී..
වැලි මලුවේ පහස විදී..
සෑ රදුන්ට වදින සැටී..
දුටුවා මහකැලනි නදී..

බුදුරදුන්ට මල් පුදලා..
පින් සේරම රැස් කරලා..
පැතූ පැතුම් ඉටුවීලා..
ඉමු අපි දැන් ඵක් වීලා...

වැසි බිදු.... .




හාත්පසකම වැසි අදුර ⁣වෙලාගෙන තියෙද්දී ..
රු සපුව ඇති  ලදුන් මගේ නෙතු දකිද්දි...
සිත් බැන්ද නුබෙ රුවත් මගෙ හිතේ මැවෙද්දි..
වැසි බින්දු නෙතු තෙමයි කදුලු බිදු වැටෙද්දි..

2017-09-13

සරා සඳ....

 


සරා සඳ සිනාසී මුවා වී ගියාදෝ
මගේ හිත සනසලා කොහේ සැඟවුනාදෝ
හිදින්නට දුන් වදන්  දැන් මුසා උනාදෝ
සංසාර මාවතේ මග බලන් හිදිම්දෝ

පි ය කරු නුඹෙ වතින්  සිත එකලු කළා දෝ
කොඳ කැකුළු  පෑ සිනා කැන් මැවී පෙනේ දෝ
ඔය සුමුදු දෑතේ වෙලෙන්නට සිතේදෝ
මුදු නළල සිප ගන්න ඉඩක් මට ලැබේ දෝ

ඔය සුරත පා ඉතින්  නුඹ ආයෙ එවිදෝ
 හැමදාම දිරි දුන්න නුඹෙ වදන්  ඇසෙයිදෝ
එඩිතර කමින් උන්න ඔය රුව මැවෙයිදෝ
ඔය සුවඳ විඳගන්න ආයේ මට ලැබෙයිදෝ

2017-09-11


මගේ රන් වැස්ස ..

අඳුරු වළා සමගින් මේ කරනා සද්දේ..
ගිගුම් දී හැලෙනා මේ ඒ සුන්දර වැස්සේ..
දෙගොඩ තලා යන තුරු මේ වහිනා වැස්සේ..
රිදුම් දෙන හිතත්  තෙමලා වැහැපන් වැස්සේ.

පොළොව තෙමා සරු කරලා වහිනා වැස්සෙ..
විදුලි කොටා ගොර හඬ දී  වහිනා  වැස්සෙ ..
දුක් කරදර හැම හිත් වල නිවනා වැස්සේ...
දෑසේ කඳුළු පිසදාගෙන වැහැපන් වැස්සේ..

ඉඩෝරයක් අහවර කර වැටෙනා වැස්සේ...
කොහේ ඉඳන් ආවාදෝ ජල කඳ වැස්සේ..
අනේ ඉතින් හෙට පායන සුන්දර වැස්සේ ..
හැමදාමත් වැහැපන් උඹ මගේ රන් වැස්සේ ..

2017-09-09


නුබ හා  මා...

පැතුමන් පතන්නේ ආලෙන් වෙලී
හස‍රැල් මවන්නේ සෙනෙහෙන් බැදී
සැමදා බැදී ඉන්න ඔබ හා ‍රැදී
පතනා පැතුම් මා ඉ‍ටුවෙන්නැතී

සිබ සනසාල මා පපුවේ හොවා
ආලය නුබේ මා උනුසුම් කලා
මදහාස පෙන්නාලා හිනැහී බලා
ඔබ යන්නෙ ඇයි ඉතින් වෙනතක බලා...

2017-09-07

හේමමාලියේ....

සෙනෙහේ නෑ දීලා..
මා වෙත නෑ රැදිලා..
කොයිදෝ නුබ ඉන්නේ..
හේමමාලියේ....
සිනහා දසන් විදහා..
කටකාර වදන් දොඩලා..
හැඩකාර හැගුම් ගෙනආ..
හේමමාලියේ....
සිත මාගෙ සනසලා..
සෙනෙහසක ගුලිවෙලා..
එන්නෙ කවදාද මා කරා..
හේමමාලියේ....

2017-09-03

සුදු මණිකේ....

නුබ දන්නවාදසුදු මණිකේ මාගේ
හිත බැදුනෙ මගේ සුදු මූණට නුබගේ
කටකාර කතා කන් පුරවා ‍රැව්දේ
මුදු සිනහ නගා තොල්පෙති රුව මැව්වේ

අතිනත ගෙන දිවි ගෙවන්න සසරේ
ආසයි මම පුද දෙන්නට සෙනෙහේ
සිප ගන්නට සුදු නළලත රිසිසේ
තුරුලේ හිද සැනසෙන්නට එනවද සුදු මණිකේ

රාලහාමි නෝනා.

දිගු නිල් වරලස බැදලා
කිරි සුදු ඔසරිය ඇදලා
මිණි කැට නෙත් යුග යොමලා
මුව සිනහවකින් සරසා

මිනිසුන් හද දුක් නිවලා
සාධාරණකම් කරලා
කට සැර වැඩිදෝ මන්දා
ලස්සන මගෙ රලහමි නෝනා

සියුමැලි හදවත රන්දා
දු‍ටුවන්ගේ මන බන්දා
මා සිත දුකෙහිම රන්දා
නුබ වෙනකෙකුහට පෙම් බෙන්දා.

2017-09-02



මචං රවිදු...

සිනා මල් හද පිපීලා..
හීන තරු කැට පායලා..
ඇගේ අත ගෙන රදවලා..
 උබත් යන්නට ගිහිල්ලා..

පාසලේ මිතුදම් බැදී..
හදවතේ සෙනෙහස පිරී..
අතීතය හදවත ඇතී..
සදකල්හිම හිත රැදී..

එක පතේ කෑවේ අපී..
එකට පාඩම් කලෙ අපී..
ඉදිකටුව නූල සේ අපී..
ඉසුරු රවිදු සේ හිදී...

උබේ සතුටුම දවසේදී...
තුටු කදුලු මා නෙතු පිරී..
ලැබු මිතුදම හද පිරී..
පතමි උබහට ආසිරී..

සොළොස් වසක මේ මතුදම...
පවතීවා හැම කල්හිම..
මහ ඇදුරෙකු වී උබ හෙට..
දකිනු රිසිය මගෙ මේ නෙත..


දිනෙන් දිනම ජය හිමි වේවා..
ඇයගේ සෙනෙහස නිති හිමි වේවා..
 පින්වත් දරැවන් නුබ හට වේවා..
ගුන දම් හද තුළ පිරි ඉතිරේවා...